ජංගම දුරකතනයක් නැතිවූ විට පළමුවෙන්ම කලයුතු දේ..
මුලින්ම කරන්න ඕනි නැති වන විට දුරකතනයේ තිබු සිම් කාර්ඩ් එක අදාල සමාගමට call එකක් ලබා දී විසන්දි කල යුතුය. පසුව ජංගම දුරකථනය නැතිවී දින 7 - 14 කාලය ඇතුලත සිද්ධියට සම්බන්ධ ප්‍රදේශයේ ලගම පොලිස් ස්ථානය වෙත තම ජාතික හැදුනුම්පත සහ නැතිවූ ජංගම දුරකතනයේ IMEI අංකය (අදාළ පෙට්ටිය සමග නම වඩාත් පහසුයි) රැගෙන යන්න. එහි යන විට A4 කොලයක රාජකාරි ලිපියක් ලියන අයුරින් එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා නමට යොමු වන ලෙස " නැතිවූ ජංගම දුරකතනයේ පැමිණිලි පිටපතක් ඉල්ලා " ලියුමක් ලියාගෙන යන්න.
පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයට ගොස් පොලිස් පැමිණිල්ල සටහන් කරන්න. මතක ඇතුව කියන්න පැමිණිල්ලේ පිටපතක් ඔබට අවශ්‍ය බව. එවිට ඔබගෙන් ඔවුන් ජාතික හැදුනුම්පත ඉල්ලා ගෙන, දුරකථනය නැතිවූ ස්ථානය, දිනය, එහි නිෂ්පාදිත වර්ගය, model එක, නැති වන විට තිබු සිම් පතේ දුරකථන අංකය, IMEI අංකය වැනි දේ ඔබෙන් අසාවි. ඒවා සටහන් කරගත් පසු කියවා බලා එහි අත්සන යොදන්න. එය අවසන් වූ පසු රැගෙන ආ ලියුම ලබා දී පිටපත ඉල්ලා සිටින්න.ඊලගට ඔබගෙන් රු.25 ක මුදලක් ලබාගෙන පැමිණිල්ලේ පිටපතක් ඔබට ටික වෙලාවකින් ලබා දෙයි.
No comments:
Post a Comment